කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමට අයත් පොලිස් නිලධාරීන් හයදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, විනය පියවරක් ලෙස මෙම නිලධාරීන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිස් බලධාරීන් කටයුතු කර ඇත.