2026 ජූලි 29 බදාදා, 13:42
නවතම පුවත්

එක දවසක්වත් උසාවි ආපු නැති රුවන්ට අවුරුදු 7ක සිරදඬුවමක්

එක් දිනක් හෝ අධිකරණය හමුවට නොපැමිණි ස්ත්‍රී දූෂණ නඩුවක, විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ඔහු වැරැදිකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න, ඉකුත් 4 දා විත්තිකරුට සිරදඬුවම්, දඩ හා වන්දි මුදල් ගෙවීමට නියෝග කළාය.

එසේ දඬුවම් නියම වූයේ රණසිංහ ආරච්චිලාගේ රුවන් සම්පත් ඒකනායක නමැත්තකුට වේ.

2011 අප්‍රේල් 01දාත් ජූනි මස 16දාත් අතර කාලයේ දී බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම, අවස්ථා දෙකකදී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන අධිචෝදනා 3ක් මත විත්තිකරුට රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නඩුව කැඳවන ලද දිනයේ සිට නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනය තෙක්ම විත්තිකරු අධිකරණය හමුවේ පෙනීනොසිටියේය.නඩු විභාගය අවසන් කළ විනිසුරුවරිය ස්ත්‍රී දූෂණ චෝදනා දෙකෙන් විත්තිකරු නිදොස්කොට නිදහස් කළාය.

අනතුරුව බාලවයස්කාර දැරිය අපහරණය කිරීමේ 1 වන චෝදනාවට පමණක් ඔහුට දඬුවම් නියම කළාය.ඒ අනුව 1 වැනි චෝදනාවට වසර 7ක සිරදඬුවම්ද, රුපියල් 15000ක දඩයක්ද ඔහුට නියම විය.

විත්තිකරු දඩය නොගෙවන්නේ නම් ඔහු මාස තුනක සිරදඬුවමකට යටත් වේ.ඊට අමතරව නඩුවේ වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් විත්තිකරු ගෙවිය යුතු වේ.

වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරු මාස 6ක සිර දඬුවමකට යටත් වේ.දඬුවම් නියෝගය ප්‍රකාශ කළේ විනිසුරුවරිය විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළාය.රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

(දිවයින)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories