2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:52
නවතම පුවත්

හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවම්

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධාන සැකකරුට පැනයාමට ආධාර අනුබල දුන්බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිස් ජයසිංහ මහතාට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් වව්නියාව මහාධිකරණ විනිසුරු එම්. මොහොමඩ් මිහායිල් මහතා ඊයේ (20) නියම කළේය.

චුදිතට එම සිරදඬුවමට අමතරව රුපියල් 50,000ක දඩයක් ද නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම්, තවත් වසරක බරපතළ වැඩ සහිත අමතර සිරදඬුවමක් ද නියම කළේය.

යාපනය කයිට්ස් පුංගුඩුතිව් 09 වන පටුමඟ ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන නඩුවේ ප්‍ර‍ධාන චුදිතයා වන සුවිස් කුමාර යන අයට පැන යාම සඳහා ආධාර අනුබල දීමේ සිද්ධියකට අදාළව වරදකරු කරමින් මහාධිකරණය මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ එවකට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ නමැත්තාටය.

2015 මැයි මාසයේ 13 වන දින වයස 18ක් වූ ශිවලෝගනාදන් විද්‍යා දැරිය පාසල් නිල ඇඳුමින්ම පැහැරගෙන ගොස් සමූහ දූෂණයක් කර ඝාතනය කර ඇගේ සිරුර කැලෑවකට දමා ගොස් තිබිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර නීතිපතිවරයා වෙත උධෘත ගොනුකර තිබිණි.

ඒ අනුව, චුදිතයන් 7 දෙනෙකුට එරෙහිව යාපනය මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි. පසුව, දීර්ඝ නඩු විභාගයෙන් පසු මෙම සිද්ධියට අදාළ ප්‍ර‍ධාන චුදිත සුවිස් කුමාර් ඇතුළු 07 දෙනකුට යාපනය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් මරණීය දණ්ඩනය නියම කෙරුණේ ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදාය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර‍ ශෂි මහේන්ද්‍ර‍න් යන මහාධිකරණ විනිසුරු මඬුල්ල එම තීන්දුව ප්‍ර‍කාශයට පත්කරනු ලැබීය.

මෙහි ප්‍ර‍ධාන චුදිතට රැකවරණය දීම, සැඟවීමට සහ පලායාමට උදව් කිරීම යන චෝදනා යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

පසුව ඇප මත සිටි ඔහුට එරෙහිව නීතිපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණු අතර ආරක්ෂක හේතූන් මත එම නඩුව වව්නියාව මහාධිකරණය වෙත යොමු කර තිබිණි. ඒ අනුව එම නඩුවට අදාළව නියෝගය ඊයේ (20) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී චුදිතට මෙම දඬුවම නියම කෙරිණි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories