2026 ජූලි 31 සිකුරාදා, 10:47
නවතම පුවත්

නලින්ගේ වැරැද්ද නලින්ද හදයි මිලියන බිලියන වෙයි

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5.99ක නිල සංචිත වත්කම් ප්‍රමාණයක් පැවැතියේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඊයේ (8) පැවසීය.

~ජාතික ජන බලවේගය බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වත් නොපැවති බවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීය.

තම ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වත් නොතිබුණු නමුත් ගත වූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට හැකි වී යැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පෙරේදා (7) ගාල්ලේ පැවැති මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් කළේ ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2024 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99ක්, ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 6.47ක්, නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.45ක් හා දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නිල සංචිත පැවති බව ය.

එසේ ම, 2025 ජනවාරියේ ඩොලර් බිලියන 6.06ක්, පෙබරවාරි මාසයේ 6.08ක් හා මාර්තු මාසයේ 6.51ක් සංචිත පැවැති බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් යැයිද ඔහු කීය.

සංඛ්‍යා සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ නම් තමා ඉදිරිපත් කළ මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පිළිගන්නා හැටියට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉල්ලීමක් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories