2026 ජූලි 28 අඟහරුවාදා, 11:24
නවතම පුවත්

දළදා මාළිගාව නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 150ක ප්‍රතිපාදන අවශ්‍යයි – දියවඩන නිළමේ පවසයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටයුතු සහ නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති “මෙහෙවරට බුහුමන්” ප්‍රණාම උලෙළ අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.

දියවඩන නිළමේවරයා පෙන්වා දුන්නේ, දිනකට රුපියල් ලක්ෂ 50ක පමණ ආදායමක් උපයා නොගතහොත් මාළිගාවේ වගකීම් ඉටු කිරීම අපහසු වන බවයි. 2005 වසරේදී වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 800ක් වැනි මට්ටමක පැවති නමුත්, වර්තමානය වන විට පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් මෙය මෙවසරේ තමන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බව ඔහු සඳහන් කළේය.

මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබුණේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිය ධුරයට පත්ව වසර 20ක කාලයක් සපුරන මොහොතේ, දළදා මාළිගාවේ පෙරහැර ඇතුළු ආගමික වතාවත් සඳහා දායක වූ පිරිස් අගය කිරීම උදෙසාය. එහිදී මාළිගාවේ කාර්ය මණ්ඩලය, ප්‍රවීණ කලාකරුවන්, අලි ඇතුන් හිමියන් සහ හස්ති පාලකයන් ඇතුළු 453 දෙනෙකු බුහුමනට පාත්‍ර විය.

මල්වතු සහ අස්ගිරි උභය විහාරීය අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories