හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය. ඒ මහතා මෙලෙස කැඳවා ඇත්තේ එම කොට්ඨාසය මගින් දැනට සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.