2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

දිවයින පුරා ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.

ඒ මහතා සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලම ද, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 03ක් ද මේ වන විට වාන් දමන බවය.

මීට අමතරව, හම්බන්තොට (ජලාශ 04), මහනුවර (ජලාශ 02), කුරුණෑගල (ජලාශ 04), මොනරාගල (ජලාශ 01), පොළොන්නරුව (ජලාශ 02), ත්‍රිකුණාමලය (ජලාශ 03) සහ මන්නාරම (ජලාශ 01) දිස්ත්‍රික්කවල ද ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දොරටු විවෘතව පවතින බව සඳහන්ය.

විශේෂයෙන් අදාළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම මගින් නිතුක් කෙරෙන ජල ප්‍රමාණයන් අවම ප්‍රමාණයක පවතින අතර, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස්විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එම නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව අදාළ ජලාශවලින් ජලය නිකුත්කිරීමේ නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බව එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත්, මේ වන විට එම ජලාශවලින් නිකුත් කරන ජල ප්‍රමාණ මගින් ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අනතුරක් හෝ ජල මට්ටම් ඉහළ යෑමක් නිරීක්ෂණය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories