2026 ජූලි 29 බදාදා, 11:14
නවතම පුවත්

12 වසරේ කාම්‍යා මහාද්වීප හතක උසම කඳු මුදුන් හතක් තරණය කරයි

ඉන්දියාවේ මුම්බායි හි නාවික හමුදා ළමා පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන කාම්‍යා කාර්තිකේයන් මහාද්වීප හතක් හරහා උසම කඳු මුදුන් හතක් තරණය කළ ලොව ළාබාලතම කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසගත වී ඇත.

17 හැවිරිදි මෙම වික්‍රමාන්විත කඳු නගින්නිය අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද, යුරෝපයේ එල්බ්‍රස් කන්ද, ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කන්ද, දකුණු ඇමරිකාවේ ඇකොන්කාගුවා කන්ද, උතුරු ඇමරිකාවේ ඩෙනලි කන්ද, ආසියාවේ එවරස්ට් කන්ද සහ ඇන්ටාක්ටිකාවේ වින්සන් කන්ද තරණය කර මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

ඇය ඇන්ටාක්ටිකාවේ වින්සන් කඳු මුදුණට ළඟාවූයේ දෙසැම්බර් 24 වන දින චිලී සම්මත වේලාවෙන් පැය 1720 ට ඇගේ පියා වන ඉන්දීය නාවික හමුදා නිලධාරී එස්. කාර්තිකේයන් සමඟ බව ඉන්දීය නාවික හමුදාව පවසයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සාක්ෂාත් කරගැනීම පිළිබඳව ඉන්දීය නාවික හමුදාව කාම්‍යා කාර්තිකේයන් සහ ඇගේ පියාට සුබපැතුම් එක් කර තිබේ.

මුම්බායි හි නාවික හමුදා ළමා පාසල ද 17 හැවිරිදි කාම්‍යාට සුබ පැතූ අතර, ඇය බාධක බිඳදමමින් නව සංධිස්ථානයකට පැමිණීම පාසලට ද සඳහා ඉමහත් ආඩම්බරයක් බව සඳහන් කර ඇත.

කාම්‍යා කාර්තිකේයන් එවරස්ට් කන්ද තරණය කරන විට 16 හැවිරිදි වියේ පසුවිය.

ඇය උත්තරාකාන්ද් හි පළමු කඳු තරණයට එක්ව ඇත්තේ වයස අවුරුදු 7 දීයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories