2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අද අමෙරිකානු අධිකරණය හමුවට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය ජනවාරි 03 වනදා වෙනිසියුලාවේ කරකාස් අගනුවරදී අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දහවල් මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිතය.

මධුරෝ සහ ඔහුගේ බිරිඳට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ මෙහෙයවීම මෙන්ම නීති විරෝධී ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇත. එමෙන්ම එම ආයුධ භාවිත කරමින් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වී තිබේ. මෙම ඓතිහාසික නඩු විභාගය එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙහෙයවනු ලබන බව වාර්තා වේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මධුරෝ ඇතුළු වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිය රජයේ තනතුරු අවභාවිත කරමින් එක්සත් ජනපදයට කොකේන් ආනයනය කිරීමට පහසුකම් සලසා ඇති බවයි. මීට පෙර 2020 වසරේදී ද නිකොලස් මධුරෝ වෙත මෙවැනිම චෝදනා එල්ල වූ අතර, ඒ අවස්ථාවේදී ඔහු එම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories