2026 ජූලි 29 බදාදා, 07:59
නවතම පුවත්

ලංකාව පුරා වීදි දරුවන් 15 000ත් 30 000ත් අතර ප්‍රමාණයක්

අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව පුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසක් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා පවසනවා.

ඔවුන් අතරින් තුනෙන් එකකට මව හෝ පියා අහිමි බවට අනාවරණ වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

තවත් සැළකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදිවල සැරිසරන බවට ද අනාවරණ වී තිබෙනවා.

සිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණු වලට මෙම දරුවන් ගොදුරුවන බව සඳහන්.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත්, ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවත් වීදි දරුවන් සැළකිය යුතු වශයෙන් දැකිය හැකියි.

ඔවුන් මන්ද පෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග ඇතුළු ලිංගාශ්‍රිත රෝගාදියට පහසුවෙන් ගොදුරු විය හැකි බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළා.

ඊට අමතරව දුප්පත්කම, සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න හේතුවෙන් නොසලකා හරින ලද සමාජ කොට්ඨාස (Marginalized communities) සම්බන්ධයෙන් ද සියළුදෙනාගේ අවධානය යොමු විය යුතු බවයි ඒ මහතා කියා සිටියා.

එසේ නොවන්නේ නම් ඔවුන් තුළ විවිධ සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

වතු ආශ්‍රිතවත්, ඇතැම් ආගමික කොට්ඨාස තුළත්, ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ තුළත්, තට්ටු නිවාස ආශ්‍රිතවත් මෙවන් නොසලකා හරින ලද කණ්ඩායම් සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories