2026 ජූලි 31 සිකුරාදා, 02:02
නවතම පුවත්

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි.

මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එම වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇත.

මිය ගිය පුද්ගලයා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි ප්‍රදාන කාර්යාලයේ, කාර්යාල සහායක නිලධාරීයෙකු ලෙස සේවය කර තිබේ.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් ස්ථානීය පරික්ෂණය සිදුකරයි.

වෙඩි තැබු පුද්ගලයින් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories