BYD මෝටර් රථ සඳහා මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද (නොවැම්බර් 04) එම වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
තමන් මුදල් ලබා දුන්නද මේ වනතෙක් මුදල් බැඳි වාහන ලබා දී නොමැති බව විරෝධතාකරුවන් චෝදනා කළහ.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒවා සාර්ථකත්වයෙන් තොර බව ද ඔවුහු වැඩිදුරටත් චෝදනා කළහ.