2026 ජූලි 29 බදාදා, 05:59
නවතම පුවත්

අනුරාධපුරේ හොර හිඟන්නෝ අල්ලයි

වෛද්‍ය අවශ්‍යතා සහ හදිසි අවස්ථා ආදී විවිධ හේතුවලට මුවා වී අනුරාධපුර පුදබිමේ වන්දනාකරුවන්ගෙන් මුදල් හිඟාකන ව්‍යාජ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අනුරාධපුර පොලිසිය තීරණය කර තිබේ.

එලෙස හිඟා කෑ කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුව ගැනීමට ද කටයුතු කර ඇත.

ලැබුණු පැමිණිලි රැසකට අනුව අනුරාධපුර උඩමළුව පොලිසියේ නිලධාරීන් යාචකයන් සොයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය පුදබිම් ආශ්‍රිතව හදිසි වැටලීමක් සිදුකර තිබේ.

එහිදී වන්දනාකරුවන් පසුපස යමින් සිටි මෙම කාන්තාවන් 6 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අක්ෂි ශල්‍යකර්ම සඳහා මුදල් එකතු කිරීම, වකුගඩු රෝගවලට ප්‍රතිකාර කිරීම සහ ඉන්දියාවේ වන්දනාවේ යෑම සඳහා වැනි අමුතු අරමුණු සඳහා පවා සිඟමන් යදිමින් සිට ඇති බව උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සී.එල්.ආර්.බී.කේ.වෑත්තෑව පවසයි.

මුදල් ලබා දෙනතුරු යාචකයන් ආගමික ස්ථානවලට යෑමට බාධා කරන නිසා සිදුවන කරදරවලට එරෙහිව දෙස් විදෙස් වන්දනාකරුවන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවානම්පියතිස්ස පුර, වෙස්සගිරිය, තිසාවැව, ජයන්ති මාවත සහ කොරකහවැව ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 51ත් 80ත් අතර වයස්වල පසුවන කාන්තාවන්ය.

ඉදිරි කටයුතු සඳහා උඩමළුව පොලිසිය විසින් ඔවුන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories