2026 අගෝස්තු 01 සෙනසුරාදා, 23:49
නවතම පුවත්

දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සමඟ සමගි ආණ්ඩුවකට ජාජබෙ සූදානම් – ඇමැති විජිත

එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වුවද ජාතික සමගිය ඇති කිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ඇමැති විජිත හේරත් පසුගිය දා ඩේලි මිරර් පුවත්පත වෙත ප්‍රකාශ කර තිබේ.

එම පුවත්පත වාර්තා කර ඇත්තේ නව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම පිළිබඳ ජාතික ජන බලවේගය ‘ඉතා විශ්වාසයෙන්’ සිටින නමුත් දේශපාලන පරිසරය ශක්තිමත් කිරීම සඳහා, මුස්ලිම්වරුන් සහ දෙමළ අය ද නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට තම පක්ෂය සුදානමින් සිටින බවයි.

කෙසේවෙතත්, ජාතික සමගි ආණ්ඩුවක් සඳහා වන මෙම ආරාධනය මෙම ප්‍රජාවන් නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වන අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සඳහා නොවන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

“දෙමළ, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මේ මන්ත්‍රීවරුන් සමඟ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට අපි විවෘතයි. මොකද මේ තුළින් අපට මේ රටේ අපි බලාපොරොත්තු වූ ජාතික සමගිය සැබෑ ලෙසම ඇති කළ හැකියි. නමුත් සමඟි ආණ්ඩුවක් නැති වුණත් ජාතික ජන බලවේගයට රජය සාර්ථකව පවත්වාගෙන යෑමටත් සියලු ප්‍රජාවන් සඳහා වැඩ කිරීමටත් හැකි බව මම ප්‍රකාශ කළ යුතුයි,” යනුවෙන් ඇමැති හේරත් පවසා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සති කිහිපය තුළ සිය පාර්ලිමේන්තු අපේක්ෂකයන් වෙනුවෙන් කළ ප්‍රචාරක කතාවලදී දැනටමත් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව තමාට විශ්වාස අතර කාලය පැමිණ ඇත්තේ ශක්තිමත්, බලවත් ආණ්ඩුවකට මිස ශක්තිමත් විපක්ෂයකට නොවන බවයි.

කෙසේවෙතත්, විපක්ෂයේ සමගි ජන බලවේගය කියා සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාවය පහත වැටී ඇති අතර සමගි ජන බලවේගය වෙත මහජන ප්‍රතිචාරය ඉතා හොඳ මට්ටමක පවතින බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගිය සතියේ නව පාර්ලිමේන්තුවට තේරී පත්වී ආර්ථික අර්බුදය විසඳීමට පළපුරුදු අය පත්කරන ලෙස ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසර දෙකක කාලය තුළ තමන් සමඟ කටයුතු කළ අය නැවත පත්කළ යුතු බව ප්‍රකාශ කරමිනි.

බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දින දෙකක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories