ඊයේ (31) උදෑසන කාලයේදී කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ පුද්ගලයෙකු නැව් අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පොලිසිය සඳහන් කළේ, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
මියගිය පුද්ගලයා ඩොක්යාඩ් ආයතකනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන අතර උදෑසන ආහාරයෙන් පසු අත් සේදීමට නැව් අලුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.