2026 ජූලි 28 අඟහරුවාදා, 11:09
නවතම පුවත්

සතොසට බිලියන 15ක දැවැන්ත පාඩුවක්

2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොස ලිමිටඩ් ආයතනයට රුපියල් 15,157,031,018 ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

ලංකා සතොස ආයතනයේ 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු ඉදිරිපත් විය.

කාරක සභාව පෙන්වා දුන්නේ, 2014 සහ 2015 වර්ෂවලදී ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද, එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් පමණක් බවයි.

දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම මෙම විශාල පාඩුවට හේතුව වී ඇත.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කෝප් කමිටුව නිලධාරීන්ගෙන් විමසූ විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී ඇති බව නිලධාරීන් සඳහන් කළහ.

මීට අමතරව, සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, හිස් ඉඩම් සඳහා ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවමත් අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව පෙන්වා දී තිබේ.

2020 දෙසැම්බර් 31 වන විට, ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් (Advance Payments) මුදල් ලෙස රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බව අනාවරණය විය. එලෙස ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories