කොළඹ වරායේ අදානි පර්යන්තයේ ජැටිය අසල මුහුදේ තිබී මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැති අතර, ඔහු තරමක් වැඩුණු හිසකෙස් සහිත අඩි 5ක් පමණ උසැති මිනිසකු බවට විශ්වාස කෙරේ.
මළ සිරුර නරක් වූ තත්ත්වයේ පැවතීම හේතුවෙන් හඳුනා ගැනීම අපහසු වී ඇති අතර, මියගිය පුද්ගලයා නිල් පැහැති ඩෙනිම් කලිසම් ඇඳ සිටි බව පොලීසිය සඳහන් කළේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පසු මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.