2026 ජූලි 31 සිකුරාදා, 23:47
නවතම පුවත්

රේගු ප්‍රමාදයන් නිසා නැව් 30ක් කොළඹ වරායේ නවත්තන්නෙ නැතුව ගිහින්

රේගු ප්‍රමාදයන් සහ ට්‍රක් රථ තදබදය හේතුවෙන් නැව් 30ක් පමණ කොළඹ වරායට මගහැර ගොස් ඇති බවත් එම නිසා බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීමට උත්සාහ කරන බවත් වරාය ඇමැති බිමල් රත්නායක පවසයි.

“පසුගිය සති දෙක තුළ නැව් 24ක් නෙවෙයි නැව් 30ක් කොළඹ වරාය මගහැර ගිහින්,” යනුවෙන් ඇමැති රත්නායක පැවසුවේ ආනයනික බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සති අන්තයේ රේගු සහ වරාය සේවා සපයන්නන් සමග පැවති හමුවකින් පසුය.

වරායට ඇතුළු වීම සඳහා රැඳී සිටින බහාලුම්වල දිගු පෝලිම් ද දක්නට තිබිණි.

නැව්කරුවන් පැවසුවේ වරාය පර්යන්ත අභ්‍යන්තරයේ ට්‍රක් රථවල තදබදය නිසා නෞකා ලංකාව මගහැර ගමන් කර ඇති බවයි.

ජනාධිපති දිසානායක සමඟ පැවති රැස්වීමේ දී රේගු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ආදායම වැඩි කිරීම සඳහා බහාලුම් පරීක්ෂා කිරීම දැඩි කර ඇති බවයි.

බහාලුම් 10න් 2ක් පමණ වහාම පරීක්ෂා කරනු ලබන අතර තවත් 8ක් වැඩිදුර පරීක්ෂාවන් සඳහා රඳවා තබා ඇති බව එක් නිලධාරියෙක් පවසා ඇත.

එවැනි දැඩි පරීක්ෂාවකින් තොරව පසුගිය වසරේ රේගුව ඉපැයූ රුපියල් බිලියන 1,500ක් වූ ආදායම ලැබීමට නොහැකි වනු ඇති බව තවත් නිලධාරියෙක් පවසා තිබේ.

ඇතැම් අවස්ථාවල දේශපාලන වුවමනා මත ශ්‍රී ලංකාව ඉහළ ආනයන බදු පනවා ඇති අතර එය විවිධ අක්‍රමිකතාවන්ට හේතු වී තිබේ.

දැනට ක්‍රියාත්මක ආනයන පාලනයන් උළුඳු වැනි ආහාර ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ද හේතු වී ඇත.

විමර්ශනය වෙනුවෙන් බහාලුම් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදියර දෙකකින් ඉඩ ලබා දීමට වරාය පොරොන්දු වී තිබේ.

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ ප්‍රධානී සනත් මංජුක පවසන්නේ දිනකට බහාලුම් 1,800ක් පමණ නිදහස් කළ යුතු නමුත් රේගුව විසින් එය ඔවුන්ගේ අභිමතය පරිදි දිනකට 700ක් පමණ දක්වා අඩුකර ඇති බවයි.

රේගුවට අවශ්‍ය නම් බහාලුම් නිදහස් කළ හැකි බවත් ඔවුන්ට දීර්ඝ නිවාඩුව ගත කිරීමට අවශ්‍ය නිසා මේ වන විට වරායෙන් පිටත බහාලුම් නිදහස් කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.

“නත්තලට පෙර දිනත් මෙය සිදුවුණා. නිවාඩුව ගන්න ඕනේ නිසා ඔවුන් ඉක්මනින් බහාලුම් නිදහස් කළා.”යැයි ඔහු පවසයි.

වරාය තුළ තිබූ බහාලුම් 800ට අමතරව, සඳුදා දිනයේදී පමණක් CICT පර්යන්තය වෙත බහාලුම් 3,000ක් පමණ ගොඩබා ඇත.

එය ‘දිගු සති අන්තය’ අවසන් වූ පසු නිෂ්කාශනය කිරීමට අවශ්‍ය වනු ඇතැයි ඔහු පැවසීය.

ජනාධිපති දිසානායක සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, රේගු නිලධාරීන් බහාලුම් ඉවත් කිරීම සඳහා පැය 24 පුරාම වැඩ කිරීමට එකඟ වී තිබිණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ප්‍රමිති සහ නිරෝධායන බලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද ඒ හා සමානව කටයුතු කිරීමට සිදු විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories