2026 ජූලි 31 සිකුරාදා, 15:35
නවතම පුවත්

ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

2030 වන විට ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඩිජිටල්කරණයට ලක් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ අද (ජූලි 08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී, IRD හි දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සහ දේශීය වශයෙන් එය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කෙරිණි. RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒවාට තාක්ෂණික විසඳුම් ලබා දීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.

කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS (Point of Sale) යන්ත්‍ර හඳුන්වා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බවද සාකච්ඡා විය. මෙම පියවර මගින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ.

වත්මන් රජය විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම හේතුවෙන් IRD හි ඩිජිටල්කරණ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බව IRD නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත් පියවරක් වන අතර, මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහත්වරු ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories