ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ සමාරම්භක උළෙල හෙට, පෙබරවාරි 03 වන දින සවස 4:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පවත්වනු ලබන අතර, ඉන් අනතුරුව මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ සංවාද සභාවක් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන්, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්වරුන් අදහස් දැක්වීමට එක් වෙති.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ගමන්මග පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් වන මෙම අවස්ථාවට දිවයිනේ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාම, වත්මන් අග්‍රාමාත්‍යවරිය සහ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් රැසක් සහභාගී වන බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.