2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:33
නවතම පුවත්

වසරකට බිලියන 140ක් වැය වන රාජ්‍ය ආයතන 115ක් ගැන රජයේ අවධානය

නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 140ක් වැය වන රාජ්‍ය ආයතන 115ක කාර්යභාරය රජය විසින් සමාලෝචනය කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට දෙපාර්තමේන්තු 86ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක් ඇත. එසේම පොලිසිය හැර රජය සතු ව්‍යවසායන් 340 ක් සහ අනෙකුත් වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් පවතී.

“2024 අයවැයෙන් මණ්ඩල, කොමිෂන් සභා, පදනම්, විශ්වවිද්‍යාල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා රුපියල් බිලියන 140 ක් වෙන්කර තිබෙනවා” යැයි ඇමැති ජයතිස්ස පවසයි.

වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ද ආයතන 51 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව යටතේ ද ක්‍රියාත්මක වේ.

මෙම ආයතනවල අරමුණ කාලයාගේ ඇවෑමෙන් අඩු වී ඇති අතර, නැතහොත් ආයතනවලට එහි කාලානුරූපී බව නැති වී ඇති බව රජයේ අදහස් වී තිබේ.

මෙම ආයතන පිළිබඳ සමාලෝචනයක් පැවැත්වීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර, එවැනි සමාලෝචනයක් සිදුකර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.

පාඩු ලබන රජය සතු ව්‍යවසායන් කෙරෙහිද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ අවධානය යොමුව ඇත.
(Sunday Island)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories