2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 15:33
නවතම පුවත්

සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වනදිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර දී ඇති බව වාර්තා වී තිබේ. 

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සදහන් වේ.

මෙම තත්ත්වය තුළ සියලු ගිනිඅවි සහ පතරොම් අදාළ දිනයට පෙර භාර දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.

එසේ නොවුනහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශය අදාළ බලපත්‍රලාභීන් හට දැනුම් දී තිබේ.

මෙලෙස ආරක්ෂක අමාත්‍යංශයට ලබා දෙන ගිනිඅවි සමාලෝචනය කිරීමෙන් පසු යළිත් වරක් ලබා දීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories