2026 ජූලි 29 බදාදා, 22:52
නවතම පුවත්

වට්ස්ඇප් ගෲප් එකෙන් කොටුකර ගත් බදු හොරු

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයකට ඊයේ (29) සවස ඇතුළු වූ එම පුද්ගලයා සහ කාන්තාව ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා, ඔවුන් සතුව තිබූ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලේඛන පෙන්වා ඇත.

පසුව එම වෙළඳසැලෙන් මුදල් වංචා ලෙස ලබාගැනීමට උත්සාහ කළ මෙම දෙපළ, ප්‍රදේශවාසීන් එක්ව අල්ලා අලුත්ගම පොලීසියට භාරදී තිබේ.

වෙළෙඳසැලට ඇතුළු වූ එම දෙපළ එම වෙළෙඳසැල නියමිත බදු ගෙවා නැති බවත්, රුපියල් ලක්‍ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් පවසමින් හිමිකරුව නොමඟ යවා ඇත. 

කෙසේ නමුත් වෙළෙඳසැලේ හිමිකරු තම පුතාට මේ බව දැනුම් දී ඇති අතර, ඔහු විසින් මෙම යුවළ වංචාවක් කිරීම සඳහා පැමිණි දෙදෙනෙක් බව ට හඳුනාගෙන ප්‍රදේශවාසීන් හා එක්ව ඔවුන් දෙදෙනාව අලුත්ගම පොලීසියට බාරදී තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බදු නිලධාරීන් ලෙස පුද්ගලයින් කණ්ඩායමක්ම අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවත්, මොවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් පසු අනෙක් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් ය.

මෙම කණ්ඩායම මීට පෙර කඳාන ප්‍රදේශයේද රන් භාණ්ඩ වෙළෙඳසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර එම වෙළෙඳසැලේ හිමිකරුගේ පුත්‍රයා ඒ බව වට්සැප් සමූහයක් මගින් හඳුනාගෙන තිබූ නිසා මෙම වංචාව හෙළිකර ගැනීමට ඔවුන් සමත්වී තිබුණි.

ආදායම් නිලධාරී ලෙස පෙනී සිටින වංචනික කණ්ඩායම් මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල වංචාකාරී කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අලුත්ගම පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව කඳාන, මාතලේ, පානදුර ආදී ප්‍රදේශවලද මෙවැනි සිදුවීම් සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

සැකකාර මෙම දෙපළ අද (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories