2026 අගෝස්තු 02 ඉරිදා, 01:42
නවතම පුවත්

විපක්ෂයේ ආරක්ෂාව අනතුරේ

වත්මන් රජය ඉතා සැලසුම්සහගතව විරුද්ධවාදීන් සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති නමුත් පසුගිය කාලයේදී දැඩි ජීවිත තර්ජනයන්ට මුහුණ දී සිටි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැටලුවක් බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

එසේ ජීවිත තර්ජනයන්ට මුහුණදුන් ඇතැම් මන්ත්‍රීවරුන් මහමඟ ඝාතනය වූ අවස්ථා තිබෙන බව කී හෙතෙම එවැනි දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව වෙනුවෙන් රජයෙන් ආයුධ ලබා දී තිබූ නමුත් මේ වන විට කිසිදු සොයා බැලීමකින් තොරව එම ආයුධ නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා මේ බව කීය.

යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නම් නිසි ඇගයීමක් කළ යුතු යැයි කී ප්‍රධාන ලේකම්වරයා අදාළ පුද්ගලයාට තර්ජනයක් නොමැති බවට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ සහතික කිරීමෙන් පසුව ආයුධ ලබා ගැනීම පිළිබඳව විරුද්ධත්වයක් නැතැයි සඳහන් කළේ ය.

විරුද්ධවාදීන් සියලු දෙනාගේ ආරක්ෂාව ඉවත් කිරීම තුළ යම් කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නේ දැයි සැකයක් ඇතිවන බව කී කාරියවසම් මහතා විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙසට වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories