2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:49
නවතම පුවත්

රේගුවෙන් ප්‍රශ්නගත බහාලුම් සම්බන්ධ චෝදනාවලට පිළිතුරු

පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අවධාරණය කළේ, අදාළ බහාලුම් තුළ කිසිදු නීති විරෝධී හෝ සැක කටයුතු භාණ්ඩයක් අඩංගු නොවූ බවයි.

අරුක්ගොඩ මහතා පැහැදිලි කළේ, මෙම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර ඇති බවයි. රේගුව විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හේතුවෙන්, බහාලුම් තුළ නීති විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බවට තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

“ආනයනය කරන ලද මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, යන්ත්‍ර වර්ග, පලිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප්ප වර්ග, පොහොර, සහ දැව වැනි දේවල්,” අරුක්ගොඩ මහතා පැවසීය. මෙම බහාලුම් ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කර ඇති අතර, ඊට අමතරව ඉන්දුනීසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින්ද ආනයනය කර තිබේ.

“මේ බහාලුම් නිදහස් කිරීමේදී අප අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා, මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියා අප විශ්වාස කරනවා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ,” ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගිය කාලයේ එල්ල වූ ආයුධ, රත්‍රං හෝ මත්ද්‍රව්‍ය අඩංගු විය හැකි බවට වූ චෝදනා අරුක්ගොඩ මහතා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

“අපි තෝරා ගන්නා ලද ක්‍රමවේද අනුගමනය කළ නිසා, අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නැහැ කියන එක,” ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී ඇති හෙයින්, ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් පවතී.
එමෙන්ම, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින්ද මෙම සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කර ඇත. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මෙම කමිටුවට අවශ්‍ය තොරතුරු ලබා දී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද විස්තර ලබා දී ඇති බව අරුක්ගොඩ මහතා පැවසීය. බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී වෙනත් කිසිදු පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදු නොවූ බවට ඔහු ස්ථිරවම ප්‍රකාශ කළේය.

විශේෂයෙන් කතාබහට ලක්වූ 2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරන ලද බහාලුම් පිළිබඳව අරුක්ගොඩ මහතා විස්තර ලබා දුන්නේය. එදින බහාලුම් නිදහස් කරන ලද ආනයනකරුවන් 180 දෙනෙක් සිටි අතර, රේගු සටහන් අංක 234ක් ලැබී තිබුණි. ඒ තුළින් බහාලුම් 309ක් නිදහස් කර ඇති අතර, මුළු බහාලුම් 371න් 62ක්ම රේගු දත්ත පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිදහස් වී ඇත.

“ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අප සතුව තියෙනවා. ඔවුන්ගේ නම්, ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අප ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අප සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රේගු දෙපාර්තමේන්තුව අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා පරීක්ෂා කළ යුතු සහ නොකළ යුතු බහාලුම් තෝරා ගන්නා බව අරුක්ගොඩ මහතා පැහැදිලි කළේය.

“මම කලින් කීවා වගේම 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ,” ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories