2026 ජූලි 29 බදාදා, 17:59
නවතම පුවත්

ඝාතන හයක් නිසා මනිපූර් ගිනිගනියි

ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස පැවසෙන්නේ එම ප්‍රාන්තයේ වෙසෙන බහුතරයක් වන Meitei ප්‍රජාවට අයත් යැයි පැවසෙන 06 දෙනකුගේ ඝාතනය කර ඇති බවට සැකකෙරෙන සිරුරු හමුවීමයි.

ඝාතනය කෙරුණු කාන්තාවන් සහ ළමුන් හයදෙනකුගේ සිරුරු බලධාරීන් විසින් එලෙස සොයාගෙන ඇත.

සුළුතර කුකී කණ්ඩායමේ පුද්ගලයන් විසින් ඔවුන් පැහැරගෙන ගිය බවට Meitei ප්‍රජාව චෝදනා කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් නිසි තහවුරු කිරීමක් පොලිසිය විසින් සිදු කර නොමැති බව සඳහන් වේ.

මෙම පුවත ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් ඇති කළ අතර, ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල අන්තර්ජාල සේවා අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම ජනවාර්ගික කණ්ඩායම් දෙක පසුගිය මැයි මාසයේ සිට මාරාන්තික ජනවාර්ගික ගැටුමකට යොමු වී සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 200 ක් පමණ මියගොස් දහස් ගණනක් අවතැන් වී ඇත.

මෙම සිදුවීම් පදනම් කර ගනිමින් ඉකුත් සති අන්තයේ පැවැති විරෝධතාවලදී විරෝධතාකරුවන් විසින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ කාර්යාල කඩාදමා ගිනිතැබූ අතර එලෙස හානියට පත්ව ඇති නිවාස සහ කාර්යාල රැසක් ප්‍රාන්තය පාලනය කරන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බව ද පැවසේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 23 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බලධාරීන් දින නියමයක් නොමැතිව ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා තිබේ.

නොසන්සුන්තාවෙන් පසුව, මධ්‍යම රජය ඉහළ ආරක්ෂක නිලධාරීන් ප්‍රාන්තයට කැඳවා ඇතැයි ද සඳහන් වේ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉහළ මට්ටමේ ආරක්ෂක රැස්වීමක් ද පවත්වා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories