2026 ජූලි 29 බදාදා, 06:39
නවතම පුවත්

තලාතුඔයේ සහ හබ්බේගමුවේ ඝාතන දෙකක්

තලාතුඔය සහ හම්බේගමුව පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් ඊයේ ( 17 ) පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා තලාතුඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් ගලකින් හිස ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර හම්බේගමුව, අලුත්වැව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටයදී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රීරෝද රථය මඟ නවතා ඇති බවත්, එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් මරණකරුට හා එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහරදී ඇති බවත්, විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාලකරුවන් දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories