2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:16
නවතම පුවත්

ඩොලර් මිලියන 250ක් අල්ලස් දෙන්න හැදුවැයි අදානිට නඩු

ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනුකර ඇති බව අමෙරිකානු නඩු පවරන්නන් පවසා තිබේ.

ඒ අනුව අමෙරිකානු බලධාරීන් ගෞතම් අදානිට සහ Adani Green Energy හි තවත් විධායක නිලධාරීන් දෙදෙනෙකු, අදානිගේ බෑණනුවන් කෙනකු වන සාගර් අදානිට සහ නීට් ජායින්ට චෝදනා එල්ල කර ඇත.

2020 සහ 2024 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2 ක ලාභයක් ලබාගැනීමට අපේක්ෂිත සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් ගෙවීමට එකඟවීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

ව්‍යාජ සහ නොමඟ යවන සුළු ප්‍රකාශ මත පදනම්ව මෙම කාලසීමාව තුළ පුනර්ජනනීය බලශක්ති සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ණය සහ බැඳුම්කර රැස්කර ඇති බව නඩු පවරන්නෝ පවසති.

තවත් පුනර්ජනනීය බලශක්ති සමාගමක විධායකයන් දෙදෙනෙකු සහ කැනේඩියානු ආයතනික ආයෝජකයකුගේ සේවකයන් තිදෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයන් පස්දෙනෙකුට අදාළ අපරාධ කුමන්ත්‍රණ චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදානි සමූහය බ්‍රහස්පතින්දා උදෑසන වනතුරු ප්‍රතිචාර දක්වා නොතිබුණු බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය ද වහාම ප්‍රතිචාර දක්වා නොමැත.

ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ද අදානි සමූහයේ මැදිහත්වීම මත මෙගාවොට් 250 ක ධාරිතාවකින් සමන්විතය සුළං බල ව්‍යාපෘතියක් සඳහා සැලසුම් සකස්කර තිබේ.

ඉදිකිරීමට සැලසුම් කොට ඇති මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදුකරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිමකිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් වෙමින් පවතින විශාලතම සුළං බල ව්‍යාපෘතිවලින් එකකි.

Adani Green Energy Limited (AGEL) විසින් ප්‍රවර්ධනය කරන ලද සුළං බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදෙනු ලැබුවේ පැවැති කැබිනට් මණ්ඩලය ආයෝජන පිළිබඳ පත්කරන ලද කළමනාකරණ කමිටුව මඟිනි.

මෙය ශ්‍රී ලංකාවේ නීති මාලාවට අනුකූලව සකස් කරන ලද ක්‍රියාවලියක් වූ අතර, ඉන්පසු Adani Green Energy Limited සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වුණේ, කැබිනට් මණ්ඩලය විසින් ආයෝජන පිළිබඳ පත්කරන ලද කළමනාකරණ කමිටුවේ තීරණය ක්‍රියාත්මක වන අවස්ථාවලදී ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේවෙතත් Adani Green Energy Limited සමාගමට විශේෂ සැළකිලි ලබාදීම සහ මන්නාරම සහ පුනරීන් හි අදානි ව්‍යාපෘතියට ඒකකයකට අධික මිලක් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories