2026 ජූලි 29 බදාදා, 22:50
නවතම පුවත්

ලයිකා මොබයිල් හා ලංකාවේ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු වන සුබාස්කරන් අල්ලිරාජගේ පක්ෂයෙන් ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහමැතිවරණයට තරඟ කෙරේ

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය ලයිකා මොබයිල් හිමිකරු සුබාකරන් අලිරාජා මහතා විසින් මිලදී ගත් පක්ෂය බව වාර්තා වේ.

එම පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඇති තොරතුරු වලට අනුව එහි ප්‍රථම මාධ්‍ය හමුවට සහභභාගි වූ රන්ජන් රාමනායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා හිටපු මන්ත්‍රී වඩිවේල සුරේෂ්ගේ මහත්වරුන්  එහි නිලධාරීන් ලෙස සඳහන් වන්නේ නැති බව ද වාර්තා වේ.

ඒ පක්ෂය මැතිවරණයට තරඟ කිරීම සඳහා ජනප්‍රියත්වයක් හා දේශපාලන පසුබිමක් ඇති පිරිසක් මේ වනවිටත් එකතු කරගෙන ඇති බව වාර්තා වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා හිටපු ඇමතිවරයකු වූ පී චන්ද්‍රසේකරන්ගේ දියණිය ද එකතු කරගෙන ඇතැයි වාර්තාවේ. චන්ද්‍රසේකරන් මහතාගේ පක්ෂයේ වත්මන් නායිකාව වන්නේ ඔහුගේ දියණියයි.

රන්ජන් මයික්‍රෆෝනයෙන්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ නම් වූ පක්ෂ යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ඔක්තෝබර් 09 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.

ඔහු සමඟ එම මාධ්‍ය හමුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාද සහභාගි වූ අතර ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හඳුන්වා දෙනු ලැබීය. 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද එම මාධ්‍ය හමුවට සහභාගි විය.

එහිදී රන්ජන් රාමනායක මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔහුගේ නමට ඡන්ද හිමි කාඩ් පතක් ලැබුන බවත්, විදේශ ගත වී සිටීම නිසා ඡන්දය ලබාදීමට නොහැකි වූ බවත්ය. 

මැතිවරණ සඳහා තරඟ කිරීමට ඔහුට බාධාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමෙන් විමසූ බවත් එවැනි බාධාවක් නැති බව මැතිවරණ කොමිසම පැවසූ බවත් එහිදී රන්ජන් රාමනායක මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් තමාට බාධාවක් ඇත්දැයි නීතිවේදින්ගෙන්ද විමසු බවත් බාධාවක් නැති බව ඔවුන් පැවසූ බවත් ඔහු පැවසිය.

රන්ජන් රාමනායක මහතා  මැතිවරණයට තරග කරන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ ලකුණ වන ”මයික්‍රෆෝනය”  හා එම පක්ෂය ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන යූඩීවී අකුරු සඳහන් පුවත්පත්වල මුල්පිටු සහ අනෙකුත් අකාරයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ඊට පෙර සිදුවිය.

කලකට ඉහතදී දේශපාලන ලෝකයේ සිටින පිරිස් සුබාස්කරන් අල්ලිරාජා මහතා එල් ටී ටී ඊ හිතවාදියෙක් ලෙස ප්‍රකාශ සිදු කර අයුරු මාධ්‍ය මගින්ද වාර්තා කොට ඇති අතර මේවනවිට ස්වර්නවාහිනී ඇතුළු මාධ්‍ය නාළිකා ගණනාවක හිමිකරු වන්නේද බෙන් හෝල්ඩින්ග් හිමිකරු වශයෙන් පෙනී සිටින සුබාස්කරන් අල්ලිරාජා මහතාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories