මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ පාසල් සඳහාද අනිද්දා (27)නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ වෙනුවෙන් මාර්තු පළමු වනදා එම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.