2026 ජූලි 29 බදාදා, 06:22
නවතම පුවත්

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමත් සමගම තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පළා ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පොලීසිය සඳහන් කළේය.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලීසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් 10දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එකී පිරිස එලෙස යතුරු පැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබුණි.

තනි රෝදයෙන් එකී මාර්ගය තුළ මීටර් සීය දෙසිය ආදී තරග ඉසව් සඳහා මුදල් ඔට්ටු ඇල්ලීම ඇතුළු රුපියල් ලක්ෂය දක්වා විකල් ඔට්ටු අල්ලා තරගයට මෙම යතුරු පැදි ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවලට විවිධ අංගෝපාංග සවිකර හැඩය වෙනස් කර තිබූ අතර සයිලන්සර්වලට ශබ්දය වැඩි කිරීම සඳහා ද අමතර කොටස් සවිකර තිබූ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 18 වෙනිදා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යතුරුපැදී දමා පළා ගිය තරුණයන් සොයා යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories