2026 ජූලි 29 බදාදා, 07:40
නවතම පුවත්

ලංකාවෙ ඡන්ද ප්‍රතිඵලේ දැකලා වයිකෝ කම්පනයට පත්වෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සමබන්ධයෙන් ‘කම්පනයට සහ කණගාටුවට’ පත්වූ බව තමිල්නාඩු MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ පවසා තිබේ.

ඊයේ(15) ප්‍රකාශයක් කරමින් වයිකෝ කියා සිටියේ දිසානායකගේ පක්ෂයේ ජයග්‍රහණය ඊළාම් දෙමළ ජනයාගේ සමානාත්මතාව සඳහා වන අරගලයේදී අභියෝගයක් විය හැකි බවයි.

දිසානායක දෙමළ විරෝධියකු බවට වාර්තාවක් ඇති බව ඔහු පවසා ඇත.

ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වූ බවත් දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන නැගෙනහිර සහ උතුරු පළාත් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කළ අයකු බවත් වයිකෝ පවසා තිබේ.

දිසානායක ජනාධිපතිවරයා දෙමළ විරෝධී නීති ගෙන ඒමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවූ වයිකෝ, ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමේ ප්‍රවේශය වෙනස් කළ යුතු බව ද සඳහන් කර තිබේ.

රජයේ හමුදා දෙමළ ජනයාගේ ඉඩම්වලින් ඉවත්විය යුතු බවත් බන්ධනාගාරවල සිටින දෙමළ ජනතාව නිදහස් කළ යුතු බවත් දෙමළ ජනයාට එරෙහි ජන සංහාරය පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වයිකෝ පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට හිතකර ස්ථාවරයක් නොගන්නා ලෙස ඔහු ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

“ඉන්දියානු රජය ඊළාම් දෙමළ ජනතාව පාවා නොදිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.

ලාංකීය දෙමළ ජනතාව ආරක්ෂා කිරීම සඳහා එක්සත් වී හඬක් නඟන ලෙස ඔහු තමිල්නාඩුවේ සහ ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories