2026 ජූලි 29 බදාදා, 08:52
නවතම පුවත්

කතානායකගේ හොර ආචාර්ය උපාධි චෝදනා පාර්ලිමේන්තුවට අපහාසයක් – එජාපය කියයි

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලය විසින් කතානායක අශෝක රන්වල කිසිදිනක සිය ශිෂ්‍යයකු ලෙස සිට නොමැති බව තහවුරු කර ඇති බවත්, ව්‍යාජ ආචාර්ය පදවියක් ප්‍රදර්ශනය කිරීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සඳහන් කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආසියාවේ ප්‍රථම පාර්ලිමේන්තුව බවත්,එහි සිදුවන දේ පිළිබඳව මුළු ලෝකයම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

එබැවින් ශ්‍රී ලංකා කථානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ චෝදනා රටට කරන නිග්‍රහයක් බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පක්ෂය වෙනුවෙන් අවධාරණය කළාය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් මුද්‍රණය කර බෙදාහරින ලද මැතිවරණ පත්‍රිකා වලද, වත්මන් කථානායකවරයා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා ඇති බව සඳහන් කර ඇතැයි තලතා අතුකෝරල පෙන්වා දුන්නාය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සහ සමස්ත රටේම ඡන්දදායකයන් රැවටීමකට ලක්ව ඇතැයිද ඇය පැවසුවාය.

“මෙම තත්ත්වය නිසා අනෙකුත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවද සැකයක් මතුකර තිබෙනවා. තවත් මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු අපට ලැබෙමින්තිබෙනවා ” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories