2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට

ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි.

පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ වසර ගණනාවක සිට විමර්ශනය වෙමින් පැවති බරපතළ ගිනි අවි ජාවාරම් සිද්ධියකට අදාළවය. ඉන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2001 වසරේදී ඩග්ලස් දේවානන්දා මහතාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව විසින් නිල වශයෙන් ලබා දුන් ගිනිඅවියකි. කෙසේ වෙතත්, 2019 වසරේදී මාරක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම ගිනිඅවිය අපරාධකරුවන් සතුව තිබී සොයා ගැනීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා ලබා දුන් ගිනිඅවියක් සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වයි. ඩග්ලස් දේවානන්දා මහතා රෝහල් ගත කර සිටියද, ඔහුට අදාළ ආරක්ෂාව සහ අධිකරණ ක්‍රියාමාර්ග බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories