2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:50
නවතම පුවත්

නොරොච්චෝල ටෙන්ඩරය අවලංගු කරන්නේ නෑ -බලශක්ති අමාත්‍යාංශය කියයි-

මතභේදයකට ලක්ව තිබෙන ටෙන්ඩරය අවලංගු නොකරන බවත් එය සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යන බවත් බලශක්ති අමාත්‍යාංශය ඊයේ (23) කියා සිටියේය.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීම සඳහා මෑතකදී දියත් කරන ලද ටෙන්ඩරය සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය උද්ගතවී තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පසුගිය සතියේ රජයට චෝදනා කරමින් කියා සිටියේ මෙම ටෙන්ඩරය මගින් නිශ්චිත සැපයුම්කරුවකුට අසාධාරණ වාසි ලබා දීමට කටයුතු කර ඇති බවයි.

ටෙන්ඩර් අයදුම්පත් සඳහා සති හයක කාලයක් අවශ්‍ය වන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් රජය බැහැර වී ඇති බවත් ඒ වෙනුවට, සති තුනක කාලයක් පමණක් ලබාදී ඇත.

සාමාන්‍යයෙන් ටෙන්ඩර් නිකුත් කරන පෙබරවාරි-මාර්තු කාලය වෙනුවට අගෝස්තු මාසයේදී දියත් කරන ලද ටෙන්ඩරය නිකුත් කිරීමේ අසාමාන්‍ය ප්‍රමාදය නොවැම්බර් මාසයේදී පළමු ගල් අඟුරු නැව්ගත කිරීමට හේතු වන අතර එමඟින් ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් ද ඇත.

තත්වය එසේ පවතිද්දී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සති තුනකින් ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමට දැන් උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සභාපතිවරයා හදිසියේ අතුරුදහන්වී ඇති බවද ඔහු කියා සිටියේය.

එක් සැපයුම්කරුවකුට වාසිදායක වන පරිදි රජය අන්තර්ජාතිකව පිළිගත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටි මඟ හරිමින් සිටින බවද චෝදනා අතර විය.

මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල අවධාරණය කළේ ක්‍රියාපටිපාටියේ කිසිදු අක්‍රමිකතාවයක් නොමැති බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවයි.

නව ටෙන්ඩරය අගෝස්තු මැද භාගය වන විට ප්‍රචාරය කරන බව ලංකා ගල් අඟුරු සමාගම මීට පෙර තහවුරු කර තිබිණි.

2024/25 ටෙන්ඩරය අවස්ථා ගණනාවකදී දිගු කිරීමෙන් පසු පසුගිය වසරේ ජූලි 8 වැනිදා නිල වශයෙන් අවසන් කරන ලදී.

නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු තොග ලබන ජනවාරි දක්වා පමණක් ප්‍රමාණවත් පවත්නා අතර දිගුකාලීන ටෙන්ඩරය යටතේ මෙම වසරේ ජූලි අවසානය වන විට, ගල් අඟුරු තොග 15ක් පමණ ලැබීමට නියමිතව තිබිණි.

පවත්නා පසුබිම යටතේ ජූලි මස, ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ටෙන්ඩර් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories