2026 ජූලි 27 සඳුදා, 04:45
නවතම පුවත්

දුප්පත්කම නැති කිරීමේ ජාතික ව්‍යාපාරය ඇරඹේ

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ගොඩනගන ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළව, ප්‍රජා සංවර්ධන සභාවන්හි කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හි සභාපතිවරුන් පත් කිරීම අද (ඔක්තෝබර් 16) සිදු කෙරුණි.

රජය විසින් ග්‍රාම සේවා මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා ගොඩනගමින් පවතින්නේ, ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි සංවර්ධන වැඩපිළිවෙලක් සැකසීම, එය ක්‍රියාත්මක කිරීම සහ ජාතික ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සැලසුම් සැකසීම යන කරුණු වෙනුවෙනි. ඒ අනුව කොලොන්නාව ග්‍රාම සේවා වසම් 46 හි ප්‍රජා සංවර්ධන සභාවන්හි සභාපතිවරුන් පත් කිරීම සිදු විය.

මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් ප්‍රජා සංවර්ධන සභාවන්ට විශාල වගකීමක් පැවරෙන බවයි. ඊට අදාළ මූලික සැලසුම් කඩිනමින් ප්‍රදේශවාසීන්ගේ ද අදහස් සහ යෝජනා ලබාගනිමින් සකස් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අඩු අදායම්ලාභී පුද්ගලයෙක්, දෙදෙනෙක් තෝරා ගන්නවා වෙනුවට දිළිඳු භාවය තුරන් කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කිරීම ප්‍රජා සංවර්ධන සභාවේ වගකීම විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුශ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories