2026 ජූලි 31 සිකුරාදා, 20:18
නවතම පුවත්

ට්‍රම්ප් 13 හැවිරිදි දරුවෙක් ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට පත්කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 13 හැවිරිදි පිළිකා රෝගී දරුවකු වන ඩීජේ ඩැනියෙල් (Devarjaye Daniel) අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ගෞරවනීය නියෝජිතයකු ලෙස ප්‍රකාශයට පත්කළේය.

ඊයේ කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය අමතමින් ට්‍රම්ප් පැවසුවේ, යෞවනයාගේ කැමැත්ත, ධෛර්යය සහ අධිෂ්ඨානය ගැන ප්‍රශංසා කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී ගැලරියේ අසුන්ගෙන සිටි ඩීජේ ඩැනියෙල්ගේ පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනය ගැන ද සඳහන් කළේය.

එමෙන්ම ට්‍රම්ප් ඩීජේගේ මොළයේ පිළිකාවට එරෙහිව සටන් කිරීමේ සහ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑකර ගැනීමේ බලාපොරොත්තුව කිසිවිටෙකත් නැතිකර නොගත් ආකාරය විස්තර කළේය.

“ඔහු නිතරම පොලිස් නිලධාරියකු වීමට සිහින මැව්වා” ට්‍රම්ප් පැහැදිලි කළේය. “නමුත් 2018 දී DJ ට මොළයේ පිළිකාවක් ඇති බව හඳුනාගත්තා”

“වෛද්‍යවරු ඔහුට ජීවත් වීමට උපරිම වශයෙන් මාස පහක් ලබාදුන්නා. ඒ මීට වසර හයකට වැඩි කාලයකට පෙරයි. එතැන් සිට DJ සහ ඔහුගේ පියා ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමේ ගවේෂණයක යෙදී ඉන්නවා.” ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.

“පොලිස් දෙපාර්තමේන්තුව ඔහුට ආදරෙයි. අද රාත්‍රියේ, DJ, අපි ඔබට ඔවුන් සියල්ලටම වඩා ලොකුම ගෞරවයක් කරනවා. ඔබව නිල වශයෙන් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයකු බවට පත්කරන ලෙස මම අපගේ නව රහස් සේවා අධ්‍යක්ෂ ෂෝන් කුරන්ගෙන් ඉල්ලා සිටිනවා, ” යනුවෙන් ට්‍රම්ප් පැවසීමත් සමග ඩීජේ ඩැනියෙල් සමග අසුන් ගෙන සිටි ඔහුගේ පියා සියල්ලන්ට ඔහුව ඔසවා පෙන්වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories