2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

කන්ටේනර් 323ක් නිදහස් කිරීම ගැන විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කොළඹ වරායේදී රතු ලේබල් සහිත බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් (Select Committee) පත් කරන ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද (ඔක්තෝබර් 07) කථානායකවරයාට යෝජනාවක් භාර දෙන ලදී.

නිසි පටිපාටිය අනුගමනය නොකර මෙම බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපතිවරයාගේ උපදෙස් මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පරීක්‍ෂණ කමිටුවක් පත් කර තිබුණි.

එම කමිටුව විසින් සිය වාර්තාවේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත්, නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කර ඇති බවත්ය.

මෙම සිදුවීමෙන් මත්ද්‍රව්‍ය, ආයුධ සහ වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට ද චෝදනා එල්ල වන බැවින්, මෙම කරුණ ජාතික වශයෙන් වැදගත් වන බව විපක්ෂය පෙන්වා දෙයි. එබැවින්, මෙම බරපතල තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩී. වී චානක, ජේ. සී. අලවතුවල, කාවින්ද ජයවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories