2026 ජූලි 28 අඟහරුවාදා, 03:44
නවතම පුවත්

මේඝ – ටාරා – අඝ්‍රා – භූමි – අකීරා – එල්සා රිදියගමින් කරළියට

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මීට මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් තිදෙනකු සඳහා නම් තැබීම හා ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ලාරා සහ ඩෝරා නමැති (මව සහ දියණිය) සිංහ ධේනුවන් දෙදෙනා විසින් සිංහ පැටවුන් හයදෙනකු බිහිකළ අතර ඔවුන් සඳහා නම් තැබීමට පෙර එම සතුන් සඳහා නම් යෝජනා කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව ජනතාව විසින් ෆේස්බුක් හරහා මෙම සතුන් සඳහා නම් 4,000ක පමණ සංඛ්‍යාවක් යෝජනා කර තිබේ.

එම යෝජනා කර තිබූ නම්වලින් නම් හයක් තෝරාගැනීම සිදු කිරීමෙන් අනතුරුව සිංහ පැටවුන් සඳහා නම් තැබීම සිදුකෙරිණි.

සිංහ පැටවුන් හයදෙනා අතර සිටි පිරිමි සිංහ පැටවාට මේඝ ලෙස නම්තබා ඇත. එම නම යෝජනා කර තිබුණේ ගාල්ල, බඩල්ගම පදිංචි කේ. උතුම් ඉදුවර විසිනි.

ගැහැනු පැටවුන් පස්දෙනා සඳහා පිළිවෙළින් ටාරා, අඝ්‍රා, භූමි, අකීරා හා එල්සා ලෙස නම් තැබිණි. එම නම් යෝජනා කර තිබුණේ දැරණියගල පදිංචි අහිංසා රුක්ෂානි, නේමින්දි දෙහංසා, නිශ්‍රීතා එගොඩගෙදර, පානදුර පදිංචි දිලීෂා සරණමාන හා බිංගිරිය පදිංචි දිලීප නිර්මාල් යන අය විසිනි.

මෙම නම් තැබීමේ අවස්ථාවට මෙම සිංහ පැටවුන් සඳහා නම් යෝජනා කළ පිරිසක්ද එක්ව සිටි අතර යෝජනා වී තිබූ නම් අතරින් තෝරාගත් නම් හයෙන් නම් තුනක් යෝජනා කළ තිදෙනකුද එම අවස්ථාවට එකව සිටි අතර ඔවුන් සදහා තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

මෙම සිංහ පැටවුන් හයදෙනා සඳහා නම් යෝජනා කළ පිරිස සඳහා පවුලේ සාමාජිකයන් පස්දෙනකු සමඟ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරැඹීමට අවස්ථාව උදාකර දීමටද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නම් තැබුණු සිංහ පැටවුන් මහජන ප්‍රදර්ශනයට එක් කිරීමද මෙහිදී සිදුකෙරිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories