නීති විරෝධීව උපයාගත් මුදලින් මහර, වරාහේන්ගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක ඉඩමක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 09 ආරාමය පාරේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ අනුව, සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත ප්‍රකාරව දින 7ක් දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.