බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (ඔක්තෝබර් 30) රාත්‍රියේ විදුලි සැර වැදීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
විදුලි හීටරයක් ස්පර්ශ වීමෙන් ඇය මෙලෙස මියගොස් ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.