2026 ජූලි 26 ඉරිදා, 23:27
නවතම පුවත්

පේරාදෙණිය සරසවියෙන් පිරිනැමූ රන් පදක්කම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි

2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ. ඕ. ඊ. පෙරෙයිරා” රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ. එච්. ඒ. ඩී. අබේසේකර මහතා වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය.

එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන මොරටුව ප්‍රදේශයේ පදිංචි කල්පනා මානවඩු මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාරිය කියා සිටියේ, අදාළ රන් පදක්කම සඳහා 2016 වසරේ මාර්තු මස 9 වනදා තමන් අයදුම්පත් ඉදිරිපත් කළ බවය. පසුව ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බවට පාලනාධිකාරිය නිවේදනය කළ බවත්, ඉන් අනතුරුව තමන් යළි අයදුම් පතක් ඉදිරිපත් කළ බවත් ඇය කියා සිටියාය. කෙසේ වෙතත්, අදාළ රන් පදක්කම උපදේශක ඒ. එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බව පෙත්සමේ සඳහන් විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බවය. මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඒ අනුව, අදාළ රන් පදක්කම උපදේශක ඒ. එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කරන බව තීන්දුවේ සඳහන් වේ. කෙසේ වෙතත්, නියමිත කාල සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙම රන් පදක්කම පෙත්සම්කාරියට පිරිනමන ලෙස නියෝගයක් නිකුත් නොකරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉදිරියේදී මෙම රන් පදක්කම් පිරිනැමීම සඳහා විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද විනිසුරු මඩුල්ල විසින් අදාළ විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories