2026 ජූලි 31 සිකුරාදා, 16:19
නවතම පුවත්

පවුල් ආරවුලක් දුරදිග යයි: සැමියා බිරිඳ ඝාතනය කර ගෙල කපාගෙන

වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ අවාසනාවන්ත පවුල් ආරවුලක් හේතුවෙන් 37 හැවිරිදි කාන්තාවක් සිය ස්වාමිපුරුෂයා අතින් ඝාතනය වී තිබේ. කලක පටන් මෙම යුවළ අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පිහියකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව ඊච්චන්කුලම පොලිසිය පවසයි.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන බරපතල තුවාල සිදු කරගෙන තිබේ. එහිදී එම පුද්ගලයා ද අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර පොලිසිය විසින් ඔහුව වහාම වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

මේ වන විට සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මොවුන් දෙදෙනා අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටුම් ඇති වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව සහ ඊච්චන්කුලම පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories