2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

දිට්වා සුළි කුණාටුව සමඟ මෙරටට බලපෑ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් ස්වාභාවික පරිසර පද්ධතියට සිදු වී ඇති හානිය නිශ්චිතව තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ මෙම විමර්ශන කටයුතු සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.

මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වන්නේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව, ගංවතුර සහ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් වනාන්තර, වෙරළ තීරයන් සහ අනෙකුත් සංවේදී පරිසර පද්ධතිවලට සිදුව ඇති බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමයි. පවතින තත්ත්වය හමුවේ පරිසරයට සිදු වූ සමස්ත හානිය විද්‍යාත්මකව තක්සේරු කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා කමිටුවට උපදෙස් දී ඇත. එම වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමින් විනාශ වූ පරිසර පද්ධති යළි ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories