2026 ජූලි 29 බදාදා, 08:54
නවතම පුවත්

අලුත් බාර් ලයිෂන් මාළිමා ආණ්ඩුව අවලංගු කරයිද?

පසුගිය බදාදා ආණ්ඩුව විසින්, මේ වසරේ මුල් මාස 10 තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු හෙළිකළේය.

පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනය මෙම බලපත්‍ර ‘දේශපාලන අල්ලසක්’ ලෙසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුව වෙනුවෙන් ලබාදුන් බවට චෝදනා එල්ල වෙමින් තිබියදී මෙම තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.

2024 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර 361 න් 172 ක් සිල්ලර අලෙවිසැල් වන වයින් ස්ටෝර්ස් සඳහා බව සංඛ්‍යාලේඛන හෙළිදරව් කර ඇත.

ලැයිස්තුවේ සමහර නම් වහාම කැපී පෙනිණි.

උදාහරණයක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර හයෙන් එකක් නිකුත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරටය.

කෙසේවෙතත්, සභාගත කළ ලැයිස්තුවේ ඇතුළත් නොවූයේ මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට නිර්දේශ කළ අයගේ නම් ය.

මන්ත්‍රීවරුන් තම ඥාතීන්ට සහ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමට නිර්දේශ කරමින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිපි නිකුත් කිරීම පුරුද්දක් වී තිබේ.

මන්ත්‍රීවරුන් විසින්ම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම් ඉදිරියට දමා මෙම බලපත්‍ර ලබාගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, පරීක්ෂණයේ ප්‍රතිඵල හෙළිකරන බවත් ආණ්ඩුව සභාවට දන්වා සිටියේය.

මේ අතර, නැවත දැනුම්දෙන තුරු නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories