2026 ජූලි 28 අඟහරුවාදා, 11:04
නවතම පුවත්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය, නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත ක්‍රියාත්මක වන බව, අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී ඇත.
නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතුය.

දැනට දේශීය හෝ විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන්ට, ඔවුන්ට අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.

දැනට නිවාඩු සඳහා අනුමැතිය ලබා, නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට ද අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන අතර ඒවා සලකා බලනු ඇත.
දේශීය නිවාඩු සඳහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවේ.

මෙම පියවර මගින්, 2022 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දුන් පෙර චක්‍රලේඛයේ විධිවිධාන යටතේ නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories