මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන ජාත්‍යන්තර යාන්ත්‍රණයකට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) නිල වශයෙන් දැනුම් දී ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අද (24) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත්, මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට රජය OHCHR කාර්යාලයට සහතික වී ඇති බව අගමැතිනිය සඳහන් කළාය.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් කෙරෙහි අවධානය යොමු කරන අතරම රජය ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කරනු ඇත,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.