රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
මෙම ක්ෂණික ඇමතුම් අංකය මගින් පහත සඳහන් අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ගැටලු වාර්තා කළ හැකිය:
- විදුලි සැපයුම
- රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා
- මහජන ප්‍රවාහනය සහ සැපයුම්
- ජල සැපයුම සහ සනීපාරක්ෂාව
- ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ
- විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා
- *අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා
1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් භාරගනු ලැබේ. එහිදී පැමිණිලි පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශයන්හි ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කරනු ලබයි.
කඩිනම් විසඳුම් සඳහා පහසුකම් සැලසීම පිණිස, සියලුම පුරවැසියන්ගෙන් මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙසත්, නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටී.