2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව ‘DIGගේ නංගී’ නෙවේ

කොළඹ: උඩුගම්පොළ සතිපොළ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙන කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට පොලීසිය කරුණු පැහැදිලි කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය අනුව, රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් කාර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේදී, රථය නොනවත්වා ධාවනය කර ඇත. පසුව රථ වාහන නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේදී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම කාන්තාව පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරී ඇත.

අදාළ වීඩියෝවේ එම කාන්තාව පොලීසියේ උසස් නිලධාරියෙකුගේ නැගණිය යැයි නම පවසමින් පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කරනු ලබයි. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවය. ඇයට එවැනි කිසිම සබඳතාවක් නැති බව ද එහි දැක්වේ.

අනතුරුව මෙම ස්ථානයෙන් ද පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර, මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වා ගෙන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, සැකකාරිය අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම සහ අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අද (නොවැම්බර් 01) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories