2026 ජූලි 31 සිකුරාදා, 11:36
නවතම පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරුකරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනිමේ නිල උත්සවය හෙට (5) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වේ.

එමෙන්ම බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතව ඇත.

මෙහිදී ඉන්දීය සහයෝගීත්වයෙන් ඉදිවන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යයාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවෘතකිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගැනීමට නියමිතව ඇත.

මේ අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සකස්කර තිබේ.

ඒ අනුව අද ප.ව. 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා තැබීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories